මහේන්ද්‍රන් රට ගිය පසු සබඳතා නැතැයි, අගමැති කියයි

මහේන්ද්‍රන් රට ගිය පසු සබඳතා නැතැයි, අගමැති කියයි

by Staff writer 05-09-2018 | 6:15 PM
COLOMBO (News 1st) : හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් විදෙස්ගත වූ පසු තමාට ඔහු සමග සම්බන්ධතාවක් නැතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ පැවසී ය. ඔහු ඒ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ සමිපතම මිතුරෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට රැගෙන ඒමට අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලික වගකීමක් නැද්ද යන්න පිළිබඳවයි. https://www.youtube.com/watch?v=NBPFYplzBz0