ඡන්ද නාම ලේඛනයට නම ඇතුළු කිරීමේ කාලය අවසන්

ඡන්ද නාම ලේඛනයට නම ඇතුළු කිරීමේ කාලය අවසන්

by Staff writer 05-09-2018 | 4:04 PM
COLOMBO (News 1st) : 2018 - ඡන්ද හිමි නාම ලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා දී තිබූ කාලය හෙටින් අවසන් වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, මෙතෙක් එහි නම සඳහන් නොවූ පුද්ගලයින්ට හෙට දින දක්වා ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව යි. අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවර‍‍‍‍‍‍ණ කාර්යාලය වෙත ගොස් එම සංශෝධන ඉදිරිපත් කළ හැකි බව අතිරේක මැතිවර‍‍ණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ ය.