ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

by Staff writer 05-09-2018 | 9:12 AM

COLOMBO (News 1st)

දේශීය පුවත්..

1. මියගිය ෆ්‍රෙඩීගේ ගිනිඅවි සමග සැකකරුවෙක් දැලේ : වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ ෆ්‍රෙඩී යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූණු පාතාල නායකයාට අයත් ගිනිඅවි කිහිපයක් සමග පුද්ගලයෙකු මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2. ද. පළාත් ලංගම සේවක වර්ජනය අඛණ්ඩව : වැඩවර්ජනයේ නිරත දකුණු පළාත් ලංගම සේවකයින් හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවැත්වේ. 3. ජනපති කතරගම පුදබිමට යයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය 67 වැනි ජන්ම දිනයට ආශිර්වාද ලබා ගැනීම සඳහා ඊයේ පස්වරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණියේ ය.‍ 4. රොෂාන් ගුණවර්ධන නුවරඑළිය ශ්‍රීලනිප නව සංවිධායක ධූරයට : නුවරඑළිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත් කර තිබේ. 5. EPF මුදලුත් අනතුරේ හෙළන ලකුණු : සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම එම මුදල් අනතුරේ හෙළීමක් බව වෘත්තීය සමිති මෙන්ම ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ අනතුරු අඟවති.

විදෙස් පුවත්...

1. ඉන්දීය ජීවිත 1400ක් බිලිගත් මෝසම් වැස්ස : ඉන්දියාවේ මෙවර මෝසම් වැසි සමයේ හටගත් ගංවතුරෙන් පුද්ගලයන් 1400 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මධ්‍යම රජය පවසයි.

ක්‍රීඩා පුවත්..

1. වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය කාට ද? : එළඹෙන 24 වනදා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන රාත්‍රීය පැවැත්වේ.