කුණු කන්දේ ගින්නට හේතුව සොයා විමර්ශනයක්

කුණු කන්දේ ගින්නට හේතුව සොයා විමර්ශනයක්

by Staff writer 05-09-2018 | 7:56 AM
COLOMBO (News 1st) : බ්ලූමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්නට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය, යුධ හමුදාව සහ පොලීසියේ නිලධාරීන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් මේ සඳහා යොදා ගන්නා බවයි. මෙම කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශයට මෙ වන විට කසළ බැහැර කිරීමක් සිදු නොකරන බැවින් අදාළ බිම් කොටස ශ්‍රී ලංකා රේගුවේ ගුදම් පහසුකම් පවත්වාගෙන යාමේ පරිශ්‍රයක් ඉදිකිරීම සඳහා ලබා දීමට සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය. පොලීසිය සඳහන් කළේ, බ්ලූමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිතව ඊයේ සවස හටගත් ගින්න මෙ වන විට සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බවයි.