by Staff writer 05-09-2018 | 12:15 PM
COLOMBO (News 1st) : සිය විරෝධතා පා ගමන පස්වරු 2කට ආරම්භ වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
එහි තේමාව වී ඇත්තේ, 'ජන බලය කොළඹට' යන්නයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පැවසුවේ, විරෝධතාව පැවැත්වෙන නිශ්චිත ස්ථානය එවිට නිවේදනය කරන බවයි.
මෙරට ඕනෑම පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදිව රැලි පැවැත්වීමට බාධාවක් නොමැති බව රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
ඒකාබද්ධ විපක්ෂය අද පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී මහජන පීඩා සිදුවුව හොත් පොලිස් ආඥා පනත අනුව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු පැවසුවේ රාජ්‍ය දේපොළවලට හානි සිදුවන්නේ නම්, විශේෂ කාර්ය බලකාය කැඳවන බවයි.
සාමාන්‍ය පරිදි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.