කටාර් රටින් පිටවීමට අවසර අවැසි නැහැ

සේවා යෝජකයාගේ අවසර නැතිව කටාර් රටින් පිටවීමට අවස්ථාව

by Staff writer 05-09-2018 | 2:38 PM
News 1st : සිය සේවා යෝජකයාගෙන් පිටවීමේ බලපත්‍රයක් නොගෙන රටින් පිටවීමට කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු විදේශිකයන් බහුතරයකට අවස්ථාව ලබා දී තිබේ. ඒ, විදේශීය ශ්‍රමිකයන් සඳහා රටින් පිටවීමේ වීසා ක්‍රමවේදයට අදාළ මතබේදාත්මක නීති ලිහිල් කරමිනි. කටාර් රාජ්‍යය මෙම නීතිය ලිහිල් කිරීමට පියවර ගත්තේ කම්කරු සංවිධාන කටාර් රාජ්‍යයේ එම නීතිය දැඩි විවේචනය කරමින් සිටින පසුබිමකදී ය. කෙසේ වෙතත් සිය සේවකයන්ගෙන් 5% පිටවීමට තමාගෙන් අවසර ගත යුතු බවට නියෝග කිරීමට සේවායෝජකයාට අයිතිය හිමිවනු ඇති. සේවා යෝජකයින් එලෙස පිටවීමට අවසර ලබාගත යුතු සේවකයන් , තමන්ගෙන් අවසර ලබාගත යුතු ඇයි ද යන්නට සාධාරණ හේතු ඉදිරිපත් කරමින් ඔවුන්ගේ නම් ලයිස්තුවක් රජයට ඉදිරිපත් කළ යුතු වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය , කටාර් රාජ්‍යයේ මෙම පියවර දැඩි සේ අගය කර තිබේ.