හෙරොයින් සහ අත්බෝම්බ 2ක් අතුරුගිරියේදී පොලිස් භාරය

හෙරොයින් සහ අත්බෝම්බ 2ක් අතුරුගිරියේදී පොලිස් භාරයට

by Staff writer 04-09-2018 | 11:51 AM
COLOMBO (News 1st) : අතුරුගිරියේදී හෙරොයින් සහ අත්බෝම්බ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අතුරුගිරිය, අධිවේගී මාර්ග පාලම අසල නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් හා හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 830 ක් සන්තකයේ තබාගෙන සිටි අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිගම හා බේරුවල ප්‍රදේශවල පදිංචි 36 හා 35 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.