වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය කාට ද?

වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය කාට ද?

by Staff writer 04-09-2018 | 1:04 PM
COLOMBO (News 1st) : එළඹෙන 24 වනදා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන රාත්‍රීය පැවැත්වේ. පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානේ රොනාල්ඩෝ , ක්‍රොඑශියාවේ ලූකා මොඩ්රිච් හා ඊජිප්තුවේ මොහොමඩ් සාලා එම සම්මාන උළෙලේදී පිරිනමන වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ අවසන් ක්‍රීඩකයින් තිදෙනා ලෙස නම් කර ඇති බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඊයේ නිල වශයෙන් නිවේදනය කළේ ය. ප්‍රංශ යොවුන් ක්‍රීඩක කයිලියන් ම්බපේ, ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියනොල් මෙසී , යන ක්‍රීඩකයින් අභිබවමින් මොවුන් තිදෙනා අවසන් ක්‍රීඩකයින් තිදෙනා ලෙම නම්කර තිබීම විශේෂත්වයක්. පෘතුගාලයේ ක්‍රිස්ටියානේ රෝනාල්ඩෝ පසුගිය 2016 හා 2017 වසරවලදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පිරිනමන වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ය. රියාල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරමින් චැම්පියන්ස් ලීග් ශූරතා කුසලානය අඛන්ඩව තුන්වරක් දිනා ගැනීමට සමත් වූ රොනාල්ඩො මේ වන විට යුවෙන්ටස් කන්ඩායම නියෝජනය කරයි. 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අනුශූරතාව දිනා ගත් ක්‍රොඑශියා පාපනදු කණ්ඩායමේ ලූකා මොඩ්රිච් අවසන් ක්‍රීඩකයින් තිදෙනා තුළ සිටීම කැපී පෙනෙන කරුණකි. ඔහු 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තේ ය.