රංජන් හා නියෝමාල් රංගජීව ත් යළි රිමාන්ඩ්

රංජන් හා නියෝමාල් රංගජීව ත් යළි රිමාන්ඩ්

by Staff writer 04-09-2018 | 12:07 PM
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 18 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔවුන් අද කොළඔ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිද්ධියට අදාළ ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇතත් මෙතෙක් ඊට අදාළ වාර්තා ලැබී නොමැති බවයි. ඒ අනුව සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.