මියගිය ෆ්‍රෙඩීගේ ගිනිඅවි සමග සැකකරුවෙක් දැලේ

මියගිය ෆ්‍රෙඩීගේ ගිනිඅවි සමග සැකකරුවෙක් දැලේ

by Staff writer 04-09-2018 | 6:47 AM
COLOMBO (News 1st) : වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ ෆ්‍රෙඩී යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූණු පාතාල නායකයාට අයත්  ගිනිඅවි කිහිපයක් සමග පුද්ගලයෙකු මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක්, මැගසින් එකක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 3ක් සිය භාරයට ගත් බවයි. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, 32 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු හා ගිනි අවි අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.