පාර්ලිමේන්තුව උණුසුම්: සභාව කල් තබයි

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පාගමන පාර්ලිමේන්තුව උණුසුම් කරයි: රැස්වීමත් හෙටට කල් තැබේ

by Staff writer 04-09-2018 | 3:38 PM
COLOMBO (News 1st) - උණුසුම් තත්ත්වයක් හේතුවෙන් අද පාර්ලිමේන්තු කටයුතු පැය දෙක හමාරකට සීමා විය. මෙම තත්ත්වය ඇති වුණේ, විපක්ෂය හෙට කොළඹදී පැවැත්වීමට සූදානම් වන විරෝධතාව මුල් කර ගනිමිනි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු පවත්වාගෙන යාමට කථානායකවරයා උත්සහ කළත් විපක්ෂයෙන් ඊට බාධා එල්ල විය.‍ කෙසේ නමුත් මේ අතරතුර යෝජනා කිහිපයක් ආණ්‍ඩුව විසින් සම්මත කර ගත් අතර අවසානයේ පාර්ලිමේන්තුව කල් තැබුණේ කල් තැබීමේ විවාදයකින් තොරව ය.