රොෂාන් ගුණවර්ධන නුවරඑළිය ශ්‍රීලනිප සංවිධායක ධූරයට

නුවරඑළිය ශ්‍රී.ල.නි.ප. නව සංවිධායක ලෙස රොෂාන් ගුණවර්ධන පත් කෙරේ

by Staff writer 04-09-2018 | 4:16 PM
COLOMBO (News 1st) - නුවරඑළිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා පත් කර තිබේ. නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස ද ජනාධිපතිතුමා විසින් රොෂාන් ගුණවර්ධන මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ඊට අදාළ පත්වීමේ ලිපිය රොෂාන් ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා අතින් අද දහවල් ලබා ගත්තේ ය.