ද. පළාත් ලංගම සේවක වර්ජනය අඛණ්ඩව

ද. පළාත් ලංගම සේවක වර්ජනය අඛණ්ඩව

by Staff writer 04-09-2018 | 7:14 AM
COLOMBO (News 1st) : වැඩවර්ජනයේ නිරත දකුණු පළාත් ලංගම සේවකයින් හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවැත්වේ. ඊට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් ද සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ ලංගම සභාපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දකුණු පළාතේ ඩිපෝවල සේවකයින් පසුගිය අඟහරුවාදා සිට වර්ජනයක නිරත වන්නේ, වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමිනි. අද දිනයේ අමාත්‍යවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවෙන් ඊට සාධනීය පිළිතුරක් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව බන්දුල රත්නායක මහතා පැවසීය.