ජනපති කතරගම පුදබිමට යයි...

ජනපති කතරගම පුදබිමට යයි...

by Staff writer 04-09-2018 | 12:37 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය 67 වැනි ජන්ම දිනයට ආශිර්වාද ලබා ගැනීම සඳහා ඊයේ පස්වරුවේ ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණියේ ය.‍ ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය සිදු කරන ලද ආගමික වතාවත්වලින් අනතුරුව ආශිර්වාද පළ කළේ ය. අනතුරුව කතරගම මහ දේවාලයේ පැවැති ආශිර්වාද පූජාවට එක් වූ ජනාධිපතිවරයා දේවාල පරිශ්‍රෙය් පිහිටි සෙසු දේවාල වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.