ඌවේ අතුරු වෛද්‍ය සේවා සේවකයින් වර්ජනයක

ඌවේ අතුරු වෛද්‍ය සේවා සේවකයින් වර්ජනයක

by Staff writer 04-09-2018 | 7:22 AM
COLOMBO (News 1st) : ඌව පළාත් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත සේවකයෝ අද එක්දින වැඩවර්ජනයක නිරතව සිටිති. පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පැවසුවේ, හිඟ අතිකාල මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද උදෑසන 7 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 2016 හා 2017 වසර දෙකට අදාළව හෙද නිලධාරීන්ට, පරිපූරක වෛද්‍ය සේවාවල හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිසට හිඟ අතිකාල ලැබිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.