ඉන්දීය ජීවිත 1400ක් බිලිගත් මෝසම් වැස්ස

ඉන්දීය ජීවිත 1400ක් බිලිගත් මෝසම් වැස්ස

by Staff writer 04-09-2018 | 10:07 AM
News 1st : ඉන්දියාවේ මෙවර මෝසම් වැසි සමයේ හටගත් ගංවතුරෙන් පුද්ගලයන් 1400 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මධ්‍යම රජය පවසයි. ඉන්දීය මධ්‍යම රජය පෙන්වා දෙන්නේ ගංවතුර සහ අධික වර්ෂාවෙන් ඔරිස්සා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 30ක් , මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 26 ක්  ,ඇසෑම් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 25 ක් , උත්තර් ප්‍රදේශ් සහ බටහිර බෙංගාල ප්‍රාන්ත වල දිස්ත්‍රික්ක 23 බැගින් ද දැඩි බලපෑමට ලක්ව ඇති බවයි. කේරල ප්‍රාන්තය, උත්තර්කාන්ද් ප්‍රාන්තය, කර්ණාටක, නාගලන්ත සහ ගුජරාට් යන ප්‍රාන්ත ගංවතුරෙන් බලපෑමට ලක්වූ සෙසු ප්‍රාන්ත ලෙස සඳහන් ය. මෙවර මෝසම් වර්ෂාවෙන් වැඩිම හානි සිදුව ඇත්තේ කේරළ ප්‍රාන්තයට වන අතර එහි ගංවතුරෙන් මිය ගිය පුද්ගලයන් සංක්‍යාව 488කි. ගංවතුරෙන් එම ප්‍රාන්තයේ ලක්ෂ 15 කට ආසන්න පිරිසක් අවතැන්ව කඳවුරුවල දිවිගෙවන අතර ලක්ෂ 55 කට ආසන්න පිරිසක් ගංවතුරෙන් බලපෑමට ලක්විය.