මාස්කෝ 2018 සම්මාන උළෙලේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මාධ්‍ය විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

මාස්කෝ 2018 සම්මාන උළෙලේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මාධ්‍ය විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

මාස්කෝ 2018 සම්මාන උළෙලේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මාධ්‍ය විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

කර්තෘ Staff writer

04 Sep, 2018 | 10:41 pm

COLOMBO (News 1st) – මාස්කෝ 2018 සම්මාන උළෙල අද කොළඹදී පැවැත්විණි.

එහිදී විවිධ ක්ෂේත්‍ර තළින් සමාජ යහපත පිණිස කැපවීම් කළ පිරිස් සම්මානයට පාත්‍ර විය.

ලංකා ජන සන්නිවේදකයින්ගේ සංගමය සංවිධාන කරන මාස්කෝ 2018 සම්මාන උළෙල පැවැත්වුණේ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

පූජ්‍ය පක්ෂය ද විශේෂ ඇගයීමකට මෙහිදී ලක් කිරීම විශේෂත්වයකි.

විවිධ ක්ෂේත්‍ර තුළින් සමාජ යහපත වෙනුවෙන් කැපවීම් කළ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රබලයින් ද මෙහිදී සම්මානයට පාත්‍ර විය.

විවිධ අංශ ඔස්සේ දක්ෂතා පිළිබිඹු කළ මාධ්‍යවේදීන්ට ද සම්මාන පිරිනැමිණි.

මෙහිදී සෘජුව අදහස් පළ කරමින් දේශපාලන වැඩසටහන් තුළින් දක්ෂතා පෙන්වූ නිව්ස්ෆස්ට් විධායක ප්‍රවෘත්ති සංස්කාරක ශ්‍රීපාල් වන්නිආරච්චි මාධ්‍ය විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.

මේ අවස්ථාවට දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.