ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

04 Sep, 2018 | 6:29 am

දේශීය පුවත්…

1. තෙවන පාසල් වාරය ඇරඹේ : රජයේ පාසල්වල තෙවන පාසල් වාරය ඊයේ ආරම්භ විය. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක් පමණක් මේ මස 6 වන දා ආරම්භ වන බවයි.

2. මුන්දලමේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට : මුන්දලම, මංගලඑළිය හේන්යාය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

3. නේපාල සංචාරය නිම කරමින් ජනපති දිවයිනට : ජනාධිපතිවරයා නේපාලයේ නිල සංචාරයක නිරත වූයේ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි.

4. හේමසිරි ප්‍රනාන්දු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට : ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

5. මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයට : රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කර තිබේ.

විදෙස් පුවත්…

1. රියෝ ද ජැනයිරෝ ජාතික කෞතුකාගාරයේ ගින්නක් : බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ විශාල ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 200 ක් පැරණි මෙම කෞතුකාගාරය එරට පැරණිතම විද්‍යාත්මක ආයතනය ලෙස සැලකෙන බවයි.

ක්‍රීඩා පුවත්….

1. ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද අනාවරණය කළේ ය.