ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

කර්තෘ Staff writer

04 Sep, 2018 | 6:51 am

COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වේ.

කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගිවීමට නියමිතයි.

සවස 4 ට මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙහිදී හෙට පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි.