ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරය වෙනස් වෙයි

හේමසිරි ප්‍රනාන්දු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට පත් කෙරේ

by Staff writer 03-09-2018 | 5:28 PM

COLOMBO (News 1st) - ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු මහතා අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. ඔහු රාජ්‍ය බැංකුවක සභාපති ධූරයක් ද දරනු ඇති. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද හේමසිරි ප්‍රනාන්දු මහතා මීට පෙර කටයුතු කළේ ය. ඊට අමතරව ඔහු ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සභාපතිවරයා වශයෙන් ද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර ඇත.