රියෝ ද ජැනයිරෝ ජාතික කෞතුකාගාරයේ ගින්නක්

රියෝ ද ජැනයිරෝ ජාතික කෞතුකාගාරයේ ගින්නක්

by Staff writer 03-09-2018 | 9:01 AM
News 1st : බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ විශාල ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 200 ක් පැරණි මෙම කෞතුකාගාරය එරට පැරණිතම විද්‍යාත්මක ආයතනය ලෙස සැලකෙන බවයි. කෞතුකාරයේ හටගත් ගින්නේ සිදුවූ ජීවිත හෝ දේපොළ හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර එතුළ විවිධ කෞතුක භාණ්ඩ මිලියන 20 කට අධික සංඛ්‍යාවක් ඇති බව සඳහන් ය. මේ වනවිට ගිනි නිවීමේ භටයන් කෞතුකාගාරයේ ගිනි නිවීමේ නිරතව සිටී. ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත. බ්‍රසීල ජනාධිපති මිෂෙල් ටෙමර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය සියලු බ්‍රසීල ජාතිකයන්ට ශෝක දිනයක් වන අතර , කෞතුකාගාර ගොඩනැගිල්ලට සිදුවු හානියෙන් ඉතිහාසයේ වටිනාකම මැනිය නොහැකි බවයි. බ්‍රසීල ඉතිහාසයට අයත් කෞතුක වස්තු ඊජිප්තු ඉතිහාසයට අයත් කෞතුක වස්තු , ඩයිනෝසර අස්ථි කොටස් අමෙරිකාවෙන් හමුවූ පැරනිතම මිනිස් ඇටසැකිල්ල වන වසර 12000 ක් පැරණි කාන්තා ඇටසැකිල්ල ඇතුලු මිල කළ නොහැකි වටිනා කෞතුක භාණ්ඩ රැසක් එම කෞතුකාගාරයේ තිබූ බව ද සඳහන් ය.