මුන්දලමේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මුන්දලමේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

by Staff writer 03-09-2018 | 8:50 AM
COLOMBO (News 1st) : මුන්දලම, මංගලඑළිය හේන්යාය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා එම ඝාතනය සිදුකර ඇති බවයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මංගලඑළිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 50 හැවිරිදි පුද්ගලයෙකු ඒ සඳහා යොදාගත් ගිනි අවිය ද සමග අත් අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.