මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 03-09-2018 | 12:28 PM

COLOMBO (News 1st) : රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

හිටපු ලක් සතොස සභාපති නලීන් ප්‍රනාන්දු සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු වන මොහොමඩ් ශාකීර් නැමැත්තාවද ලබන 11වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු මේනකා විජේසූරිය මෙනවිය එහිදී වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා ය. පසුගිය ආණ්ඩු සමයේදී ලක් සතොසෙන් රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් භාණ්ඩ මිලදි ගෙන මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නඩුව පවරා ඇත.