බීමට දිය බිඳක් නැතිව දුක් විඳින අපේ ම ජනතාව....

බීමට දිය බිඳක් නැතිව දුක් විඳින අපේ ම ජනතාව....

by Staff writer 03-09-2018 | 1:25 PM
COLOMBO (News 1st) :  විවිධ ප්‍රදේශවල නොවිසඳුන පොදු ගැටලු හඳුනා ගැනීම සඳහා සංචාරය කරන ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් 6 ක් අදත් ක්‍රියාත්මකයි. ගම්මැද්ද ගෙයින් ගෙට එක් කණ්ඩායමක් අද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනරින් ගම්මානයේ ජනතාව හමුවිය. මේ ජනතාව දැඩි ලෙස පීඩා විදින්නෙ උග්‍ර පානීය ජල අර්බුදයකිනි. ජලය සොයා සැතපුම් ගණන් පයින් යාමට සිදුවීමෙන් සෙසු කටයුතු සියල්ල අඩපණ වන බව ඔවුහු පවසති. උතුරේ බොහෝ ප්‍රදේශවල මෙන් ඉට්ටාවිල් ගම්මානයේ ජනතාවට ඇත්තේ ද උග්‍ර පානීය ජල ගැටලුවකි. බොහෝ දුර ගෙවා ජලය රැගෙන ආවද පානය කිරීමට කිසිසේත් සුදුසු නෙවන බව ජනතාව පැවසී ය. ප්‍රවාහන හා යටිතල පහසුකම් නිසි පරිදි නොමැති කම මේ ජනතාවට ඇති ප්‍රධාන ගැටලු කිහිපයකි. කෘෂිකර්මාන්තයෙන් දිවි සරි කරගන්නා මේ ජනතාව වගාවට ජලය නොමැති කම තුළ පත්ව ඇත්තේ මහත් අසරණ තත්ත්වයකටයි. ජල මුලාශ්‍ර තිබුණ ද ගොවිබිම් වෙත ජලය ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර නොමැති බව ඔවුහු පැවසූහ. අක්කර 1000 ක් පමණ අස්වද්දන නමුත් අපේක්ෂිත පරිදි ප්‍රතිඵල නොමැති බව ගොවීහු පැවසූහ. පිවිසුම් මාර්ග නොමැතිකම තුළ ද මේ පිරිස දුෂ්කරතා රැසකට ඔවුහු මුහුණ දෙති. මාතර වැලිගම කප්පරතොටට ගිය කණ්ඩායම ධීවර ජනතාව හමුවී ගැටලු සාකච්ඡා කළේ ය. ධිවර අංගනය නසි පරිදි සකස් නොකිරීම මේ ජනතාවට ඇති ප්‍රධාන ගැටලුවකි. වැලිගම ධීවර ජැටියට ආසන්යේ තිබෙන මෙම ගල නිසා දැඩි අවදානමක් මතුව ඇබි බව ද ඔවුහු පවසති.