නේපාල සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

නේපාල සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

by Staff writer 03-09-2018 | 6:44 AM
COLOMBO (News 1st) : නේපාලයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ජනාධිපතිවරයා නේපාලයේ නිල සංචාරයක නිරත වූයේ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි. සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්විණ. ඊට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 ක් ඇතුළත් ය. සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මියන්මාර් ජනාධිපති වින් මින්ට් සහ නේපාල ජනාධිපති බිද්‍යා දේවී භණ්ධාරි යන මහත්ම මහත්මීන් ද හමුවී සාකච්ඡා කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා කත්මණ්ඩු නුවරදී නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවී සුහද කථාබහක ද නිරත වූ බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/992717587568554/