විදේශිය මුදල් තොගයක් සමගින් පුද්ගලයෙකු රේගු භාරයට

නීති විරෝධීව මුදල් රැගෙන යාමට තැත්කළ අයෙකු රේගු භාරයට

by Staff writer 03-09-2018 | 4:19 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 28 කට අධික වටිනාකමින් යුත් විදේශීය මුදල් තොගයක් නීති විරෝධීව සිංගප්පුරුව බලා රැගෙන යාමට තැත්කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගු වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, සැකකරු සන්තකයේ තිබී යුරෝ, කටාර් රියාල්, සෞදි රියාල්, ස්විස් ෆ්‍රෑන්ක්, සහ ඩෙන්මාර්ක ක්‍රෝන ඇතුලු විදේශීය මුදල් තොගයක් සොයා ගත් බවයි. ඔහුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් තුළ සඟවා මෙම මුදල් තොගය රැගෙන යාමට තැත්කර ඇත. ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ මගින් ලබා දුන් තොරතුරකට අනුව 25 හැවිරිදි මෙම සැකකරු තම භාරයට ගත් බව රේගු වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය.