තෙවන පාසල් වාරය අදින් ඇරඹේ

තෙවන පාසල් වාරය අදින් ඇරඹේ

by Staff writer 03-09-2018 | 6:36 AM
COLOMBO (News 1st) : රජයේ පාසල්වල තෙවන පාසල් වාරය අද ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක් පමණක් මේ මස 6 වන දා ආරම්භ වන බවයි. පසුගිය 23 වන දා ආරම්භ කළ උසස් පෙළ විභාගයේ පළමු අධියර පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 05 වන දායින් අවසන් වේ. දෙවන අදියරේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් මේ මස 13 වනදා ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අවසන් කර ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව පැවසී ය. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මේ වනවිට ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සකස්කරමින් සිටින බවයි.