ජාඇලදී මත්පෙති 6000 ක් STF භාරයට

ජාඇලදී මත්පෙති 6000 ක් STF භාරයට

by Staff writer 03-09-2018 | 6:33 PM

COLOMBO (News 1st) - නීති විරෝධි මත්පෙති තොගයක් සමග ජාඇලදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ජාඇල නගර සභා ක්‍රීඩාංගණය අසළදී සිදු කළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සන්තකයේ තිබි නීති විරෝධි මත්පෙති 6000 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබුණි.