ගෙවුණු දවස උණුසුම් කළ පුවත්....

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්....

by Staff writer 03-09-2018 | 7:10 AM
COLOMBO (News 1st) 1. කිරිදිවැල රිය අනතුරකින් මවක සහ දියණියක මරුට : කිරිදිවැල, මැද්දේගමදී සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයේ රියැදුරුට නින්දයාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී තාප්පයක ගැටී ඇති බවයි. 2. ගලහ කළහ කළ 7 දෙනා රිමාන්ඩ් : දරුවෙකු මිය යාමේ සිද්ධියකින් අනතුරුව මහනුවර, ගලහ රෝහල් පිරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිරෙමින් එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 3. සද්ධන්තයින් 7 දෙනෙක් මඩේ එරී මියැදෙති : මහවැලි ගඟේ අතු ගංගාවක් වන පෙරියආරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේදී මඩෙහි එරීමෙන් වන අලින් 7 දෙනෙකු මිය ගොස් තිබේ. 4. ජනපති සහ සාර්ක් මහලේකම් අතර හමුවක් : නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ සාර්ක් මහලේකම් අම්ජෙට් හුසේන් මහතා අතර ඊයේ සාකච්ඡා පැවැත්විණ.

විදෙස් පුවත්....

1. ඩැමැස්කස් අගනුවරට යළි මිසයිල ප්‍රහාරයක් : සිරියාවේ ඩැමස්කස් අගනුවරට යළි ත් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ. සිරියානු ආරක්ෂක අංශ පැවසුවේ ඩැමස්කස් අගනුවර, මැසා හමුදා ගුවන්තොටුපොළ ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

ක්‍රීඩා...

2. ආසියානු ක්‍රීඩා උළෙල අදින් අවසන් : ආසියාවේ ශක්තිය තේමා කොටගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ අවසන් විය. පසුගිය අගෝස්තු 18 වන දා ආරම්භ වූ 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග දින 15 ක් පුරා පැවැත්විණ.