සිරියාවට යළි ත් මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඩැමැස්කස් අගනුවරට යළි ත් මිසයිල ප්‍රහාරයක්

by Staff writer 02-09-2018 | 11:54 AM

සිරියාවේ ඩැමස්කස් අගනුවරට යළි ත් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ.

සිරියානු ආරක්ෂක අංශ පැවසුවේ ඩැමස්කස් අගනුවර, මැසා හමුදා ගුවන්තොටුපොළ ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. ප්‍රහාරයෙන් මියගිය පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත. ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාර දුටු ඩැමස්කස් වැසියන් සඳහන් කළේ, දීප්තිමත් ආලෝකයක් සමග විශාල ශබ්ධ තුනක් පමණ ඇසුණු බවයි. මීට දින කිහිපයකට පෙර ඊශ්‍රායලය මෙම හමුදා ගුවන් කඳවුර ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර ඇති බැවින් මෙම ප්‍රහාරය ද ඊශ්‍රායලය එල්ල කරන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.