ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද යි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය අද යි

by Staff writer 02-09-2018 | 6:32 AM

COLOMBO (News 1st) - ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් අදට යෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය සැමරීමට කටයුතු යොදා තිබේ.

පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගිත්යෙන් මෙම ආගමික වතාවත් පැවැත්වෙන බවයි. 1952 වසරේ අද වැනි දිනක ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන්නේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ය. සග වෙද ගුරු ගොවි කම්කරු බලවේගය ඔස්සේ 1956 වසරේ මෙරට රාජ්‍ය බලය ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසින් පසු මෙරට රාජ්‍ය නායකත්වය වැඩිම කලක් ඉසිලූ පක්ෂය ද වේ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා දිවි හිමියෙන් සටන් වැදි පක්ෂයක් බවයි.