මොගඩිෂු නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මොගඩිෂු නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

by Sagarika Chathumali 02-09-2018 | 6:29 PM
COLOMBO (News 1st) : සෝමාලියාවේ මොගඩිෂු අගනුවර රජයේ කාර්යාලයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, බෝම්බ ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් තිදෙනෙකු මියගොස් පාසල් දරුවන් 6 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එම බෝම්බ ප්‍රහාරයෙන් අසල පිහිටි පාසලක ගොඩනැගිලි කඩාවැටී ඇති අතර අල් ශබාබ් ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. සෙබළුන ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුපුරණද්‍රව්‍ය අඩංගු මෝටර් රථයට අදාළ ගොඩනැගිල්ල තුළට ගමන් කිරීම නතර කළ අවස්ථාවේදී ය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මොගඩිෂු නගරයට දැඩි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 500 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. ප්‍රහාරය මෙහෙය වූ බවට වරදකරු වූ අල් ෂබාබ් කැරලිකරුට පසුගිය පෙබරවාරි මාසයේදී මරණ දඬුවම නියම කෙරිණ.