මවට සහ දියණියට මරු කැඳ වූ ත්‍රිරෝද රථ අනතුර

මවට සහ දියණියට මරු කැඳවූ කිරිදිවැල ත්‍රිරෝද රථ අනතුර

by Staff writer 02-09-2018 | 12:07 PM

COLOMBO (News 1st) - කිරිදිවැල, මැද්දේගමදී සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් මවක් සහ දියණියක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයේ රියැදුරුට නින්දයාම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී තාප්පයක ගැටී ඇති බවයි. ඉන් බරපතළ තුවාල ලැබු දරුවා සහ කාන්තාව රඳවාන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මියගොස් ඇත්තේ 7 හැවිරිදි දියණියක් සහ 37 හැවිරිදි ඇගේ මවයි. ඔවුන් කිරිදිවැල, මැද්දේගම පදිංචිකරුවන් වේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔවුන්ගේ සිරුරු වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.