නියඟයෙන් පීඩා විඳින ජනතාවට යළි ත් වරක් සහනාධාර

නියඟයෙන් පීඩා විඳින ජනතාවට යළි ත් වරක් සහනාධාර

by Staff writer 02-09-2018 | 10:55 AM

COLOMBO (News 1st) - නියඟයෙන් පීඩා විදින ජනතාව සඳහා යළි ත් වරක් සහනාධාරක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආපදා සහන සේවා මාධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වනවිට අවශ්‍ය සංඛ්‍යාලේඛන ආපදා කළමනාකරණ අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි. ඒ අනුව මාසයකට රුපියල් 5000 ක නියං සහනාධාරයක් නියඟයෙන් පීඩා විඳින ජනතාවට ලබාදීමට නියමිත වේ. මේ අතර නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පුද්ගලයින් ලක්ෂ 04 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.