ජනපති හා නේපාල ජනපතිනිය අතර සාකච්ඡා

ජනපති හා නේපාල ජනපතිනිය අතර සාකච්ඡා

by Staff writer 02-09-2018 | 1:23 PM

COLOMBO (News 1st) - බිම්ස්ටෙක්, රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නේපාල ජනාධිපති බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය සමග සාකච්ඡාවක් පැවැත් විය.

ඊයේ පස්වරුවේ එම නිල හමුව පැවැත්වූයේ නේපල ජනපති මන්දිරය වන ශීතල් නිවාස්හීදී යි. බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපති ධූරයෙන් පිදුම් ලැබීම පිළිබඳව ජනාධිපතිතුමා වෙත සුබපැතුම් පළ කළ නේපාල ජනාධිපතිනිය එහි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඕනෑම් සහායක් ලබා දෙන බව ද මෙහිදී පවසා ඇත. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ධීවර, කෘෂීකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද රාජ්‍ය නායකයින් දෙපල සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ නේපාලය අතර නව අවබෝතා ගිවිසුම් දෙකකට ද අත්සන් තබා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍ය සේවකයින් පුහුණු කිරීමේ අවබෝධතා ගිවිසුමට නේපාල විදේශ ලේකම්වරයා සහ නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනිය අත්සන් තැබූ බවයි. තරුණ සංවර්ධනය වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුමට නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනිය හා එරට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්සන් තැබීය.