ජනපති සහ සාර්ක් මහලේකම් අතර හමුවක්

ජනපති සහ සාර්ක් මහලේකම් අතර හමුවක්

by Staff writer 02-09-2018 | 9:17 PM
COLOMBO (News 1st) : නේපාලයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ සාර්ක් මහලේකම් අම්ජෙට් හුසේන් මහතා අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්විණ. සාකච්ඡාව පැවැත්වුණේ, කත්මණ්ඩු නුවර සාර්ක් මහලේකම් කාර්යාලයේදීයි. සාර්ක් සංවිධානය තුළ ශ්‍රී ලංකාව ප්‍රබල රාජ්‍යයක් ලෙස හඳුනාගෙන ඇති බව ත් සාර්ක් අරමුණු මුදුන්පත් කරවා ගැනීමට ශ්‍රී ලංකාව ලබා දෙන සහයෝගය සාර්ක් මහලේකම්වරයා මෙහිදී ඇගයීමට ලක් කර තිබේ. ජනාධිපතිවරයා මෙහිදී අවකධාරණය කළේ, සාර්ක් කලාපීය රටවල් අතර සහයෝගය සහ බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කමයි. සාර්ක් මහලේකම් කාර්යාලය වෙත ජනාධිපතිවරයා සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේ ය. https://www.youtube.com/watch?v=xNTXVbZ8GYs