ගලහ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

ගලහ සිද්ධියේ සැකකරුවන් 7 දෙනා රිමාන්ඩ්

by Staff writer 02-09-2018 | 4:00 PM
COLOMBO (News 1st) : රෝහලට ඇතුළත් කළ දරුවෙකු මිය යාමේ සිද්ධියකින් අනතුරුව මහනුවර, ගලහ රෝහල් පිරිශ්‍රයේ කළහකාරී ලෙස හැසිරෙමින් එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. ඔවුන් 28 සහ 45 යන වයස්වල පසුවන දෙල්තොටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. පසුගිය 28 වන දා ඇතිවූ මෙම නොසන්සුන්තාව අතරතුර කළහකාරි පිරිස විසින් රෝහල් ගොඩනැගිලිවලට හා වෛද්‍යවරුන්ගේ වාහන කිහිපයට හානි කරනු ලැබ තිබිණ. දරුවා මියයාම ඇතුළු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.