ගලහ රෝහලේ කලහකාරීව හැසිරුණු 7 ක් අත්අඩංගුවට

ගලහ රෝහලේ කලහකාරීව හැසිරුණු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට

by Staff writer 02-09-2018 | 11:40 AM

COLOMBO (News 1st) - රෝහලට ඇතුළත් කළ දරුවෙකු මිය යාමේ සිද්ධියකින් අනතුරුව මහනුවර, ගලහ රෝහල් පිරිශ්‍රයේ කලහකාරී ලෙස හැසිරෙමින් එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගලහ පොලීසිය කළ මෙහෙයුමකිනි. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඔවුන් 28 සහ 45 යන වයස්වල පසුවන දෙල්තොටවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. පසුගිය 28 වන දා ඇති වූ මෙම නොසන්සුන්තාවය අතරතුර කලහකාරි පිරිස විසින් රෝහල් ගොඩනැගිලිවලට හා වෛද්‍යවරුන්ගේ වාහන කිහිපයට හානි කර තිබුණි. දරුවා මියයාම ඇතුලු සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක කර තිබේ.