කුරුළු ජාවාරමේ යෙදුණු පුද්ගලයාට වැඩ වරදී

කුරුළු ජාවාරමේ යෙදුණු පුද්ගලයාට වැඩ වරදී

by Staff writer 02-09-2018 | 1:53 PM

COLOMBO (News 1st) - අනුරා‍ධපුර, ඉපලෝගම ප්‍රදේශයෙන් කුරුල්ලන් 300 ක් සමග ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කැකිරාව වනජීවි කාර්යාල නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකිනි. කැකිරාව අඩවි ආරක්ෂක නිලධාරී සාලිය බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ජාවාරම්කරුවන් විකිණීම සඳහා සූදානම් කර තිබූ ගිරවුන් සහ වී කුරුළු රංචුවක් සොයා ගත් බවයි. එම නිලධාරියා සඳහන් කළේ, මාල ගිරවුන් සහ බටු ගිරවුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් හා වී කුරුල්ලන් 199 දෙනෙකු සොයා ගත් බවයි. සැකකරු කලක සිට කුරුල්ලන් අල්ලා අ‍ළෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි බවට තොරතුරු වාර්තා වී ඇති බව වන අඩවි ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ ය. කුරුල්ලෙකු රුපියල් 750 ක මුදලකට අළෙවි කරන බවට අනාවරණය විය. කුරුල්ලන්ට හිංසාවන අයුරින් එක්, එක් කුඩා කූඩුවල සිරකර තිබූ බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. සැකකරු වයස අවුරුද 45 පමණ වන ඉපලෝගම බුලුපෙත්තාවැව ප්‍රදේ‍ශයේ පදිංචිකරුවෙකි. ඔහු අද කැකිරාව මහේස්ත්‍රාත් අ‍ධිකර‍ණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.