මෙරට බදු ආදායම 139 % කින් ඉහළට

මෙරට බදු ආදායම 139 % කින් ඉහළට

මෙරට බදු ආදායම 139 % කින් ඉහළට

කර්තෘ Staff writer

02 Sep, 2018 | 10:07 am

COLOMBO (News 1st) – නව දේශීය ආදායම් පනත බලාත්මකවීමත් සමග මෙරට බදු ආදායම 139 % කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා සඳහන් කළේ, පසුගිය වසරේ අගෝස්තු දක්වා කාලයට සාපේක්ෂව මේ වසරේ අදාළ කාලය තුළ බදු ආදායම රුපියල් බිලියන 9 කින් ඉහළ ගොස් ඇති බවයි.

2017 වසරේ අගෝස්තු දක්වා රුපියල් බිලියන 21 ක් වූ බදු ආදායම මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 30 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මකවීමත් සමග නව බදු ලිපිගොනු 96,900 ක් විවෘත කර ඇති බව ද දේශීය ආදායම් කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.