නියඟයෙන් පීඩා විඳින ජනතාවට යළි ත් වරක් සහනාධාර

නියඟයෙන් පීඩා විඳින ජනතාවට යළි ත් වරක් සහනාධාර

නියඟයෙන් පීඩා විඳින ජනතාවට යළි ත් වරක් සහනාධාර

කර්තෘ Staff writer

02 Sep, 2018 | 10:55 am

COLOMBO (News 1st) – නියඟයෙන් පීඩා විදින ජනතාව සඳහා යළි ත් වරක් සහනාධාරක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආපදා සහන සේවා මාධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වනවිට අවශ්‍ය සංඛ්‍යාලේඛන ආපදා කළමනාකරණ අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව මාසයකට රුපියල් 5000 ක නියං සහනාධාරයක් නියඟයෙන් පීඩා විඳින ජනතාවට ලබාදීමට නියමිත වේ.

මේ අතර නියඟය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පුද්ගලයින් ලක්ෂ 04 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]