ටොරෙන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල ලබන 6 ඇරඹේ

43 වන ටොරෙන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල ලබන 6 ඇරඹේ

by Staff writer 01-09-2018 | 9:13 AM
COLOMBO (News 1st) - 43 වන ටොරෙන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙල ලබන 6 වන දා ආරම්භ වේ. ඒ, කැනඩාවේ ටොරෙන්ටෝ නුවරදී ය. මෙවර චිත්‍රපට උළෙල සඳහා සිනමා පට 500කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇතැයි සංවිධායකයෝ පවසති. චිත්‍රපට උළෙල නැරඹීමට වාර්ෂිකව ලක්ෂ 5කට ආසන්න පිරිසක් පැමිණෙති. මෙවර අවසන් වටයේ නිර්දේශිත නාමාවලියට ඉන්දීය සිනමා පට තුනක් ද ඇතුළත් ය.