ලෝක ශූර කැරම් කණ්ඩායම අද සිරස මූලස්ථාන පරිශ්‍රයට

2018 ලෝක ශූර කැරම් කණ්ඩායම අද සිරස මූලස්ථාන පරිශ්‍රයට

by Staff writer 01-09-2018 | 5:10 PM

COLOMBO (News 1st) - 2018 කැරම් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අංශයට පැමිණියේ ය.

ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින් දකුණු කොරියාවේ පැවති ලෝක කුසලන කැරම් තරගාවලියේ ශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලය උණුසුම් ලෙස පිළිගත්තේ ය. ලෝක කුසලාන තරගාවලියේදී පිරිමි කණ්ඩායම් අංශයේ ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි. චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික යන ක්‍රීඩකයින් එක් ව සිටිය හ. මේ අතර එහි කාන්තා කණ්ඩායම් අංශයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණි. යෂිකා රාහුබැද්ද මෙහෙය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජොසප් රොෂිටා, චලනි ලියනගේ සහ මධූෂා රාමනායක යන ක්‍රීඩිකාවන් ඇතුළත් වේ. https://www.facebook.com/NewsfirstSL/videos/298017934315976/