ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අවසන්

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අවසන්

by Staff writer 01-09-2018 | 4:40 PM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අවසන් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පුජිත මහතා සඳහන් කළේ, මේ වනවිට ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සකස් කරමින් සිටින බව ය. මේ අතර රජයේ පාසල්වල තෙවන පාසල්වාරය අනිද්දා දිනයේ ආරම්භවීමට නියමිත වේ. විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, ඇගයීම් මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් 37 ක් පමණක් මේ මස 06 වන දා ආරම්භ වන බවයි. පසුගිය 23 වන දා ආරම්භ කළ උසස් පෙළ විභාගයේ පළමු අදියර පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන 05 වන දායින් අවසන් වනු ඇති. ඇගයීම් මධ්‍යස්ථාන 40 ක් සඳහා පාසල් 37 ක් යොදා ගෙන ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය. දෙවන අදියරේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් මේ මස 13 වන දා ආරම්භ කිරීමට නියමිත වේ.