මහපොළ ලොතරැයිය ප්‍රදර්ශනය යළි ඇරඹීමට තීරණය කෙරේ

මහපොළ ලොතරැයිය ප්‍රදර්ශනය යළි ඇරඹීමට තීරණය කෙරේ

by Staff writer 01-09-2018 | 6:58 AM
COLOMBO (News 1st) - මහපොළ ලොතරැයිය හා මහපොළ ප්‍රදර්ශනය යළිත් ආරම්භ කිරීමට මහපොළ භාරකාර අරමුදල තීරණය කර තිබේ. අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඊයේ රැස් වූ මහපොළ භාරකාර අරමුදල මෙම තීරණයට එළැඹි බව ය. මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අරමුදල් බැර කෙරෙන ප්‍රධාන මූලාශ්‍ර දෙකක් වූ මහපොළ ලොතරැයිය හා ප්‍රදර්ශනය පසුගිය කාලයේ නවතා දමා තිබිණි.