මියගිය අමාලි වෙනුවෙන් සාධාරණයක් ඉටු වන්නේ කවදා ද?

නවක වදයෙන් මියගිය අමාලි වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා මවගෙන් පැමිණිල්ලක්

by Staff writer 01-09-2018 | 7:20 PM

COLOMBO (News 1st) - 2014 වසරේදී නවක වදයට මුහුණදීමෙන් රෝගාතුරව සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියක 2015 වසරේදී සියදිවි නසාගෙන ඇති අතර ඇයට සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් ඇයගේ මව ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

අමාලි චතුරිකා නැමැති අදාළ දැරිය නවක වදය හේතුවෙන් විසාදයෙන් පෙලුණු අතර ඊට ප්‍රතිකාර කිරීමෙන් පසු 2015 වසරේදී නැවත විශ්වවිද්‍යාලයට යාමට සුදානමින් සිටියා ය. නමුත් ඊට පෙර ලිපියක් ලියා ඇය සියදිවි හානිකර ගෙන තිබේ. ඇයගේ මව්පියන් චෝදනා කරන්නේ එම ලිපියේ සඳහන් ව ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බවයි. ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා හෝමාගම පොලීසියට එරෙහිව මියගිය දැරියගේ මව ඊයේ එළෙස පැමි‍ණිල්ලක් ඉදිරිපත් කළා ය. විශ්වවිද්‍යාල තුළ පවතින නවක වදය හේතුවෙන් වසරකට සිසුන් 1000 කට ආසන්න පිරිසක් විශ්වවිද්‍යාල හැර යන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/314056335823875/