තිරිඟු පිටි මිල ඉහළ යයි

තිරිඟු පිටි මිල ඉහළ යයි

by Staff writer 01-09-2018 | 9:34 AM
COLOMBO (News 1st) - තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීම සඳහා කඩිනමින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඒ සඳහා සංගමයේ විධායක කමිටුව කැඳවන බව ය. ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමුවේ ය. ඒ අනුව රුපියල් 95ක්ව පැවති ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 100කි. බදු සංශෝධන හා රුපියලේ අගය පහළ යාම, මිල ඉහළ දැමීමට හේතුව යි.