ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය 10,626 ක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය පුද්ගලයින් 10,626 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 01-09-2018 | 3:37 PM

COLOMBO (News 1st) - නීති විරෝධිව ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය පුද්ගලයින් 10,626 දෙනෙකු පසුගිය මාස 10 තුළ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ලෙස සේවය කළ පුද්ගලයින් 28 දෙනෙකු සිටින බවයි. වැඩිම පිරිසක් අත්අඩංගුවට පත් ව ඇත්තේ යුද හමුදාවෙන් පළා ගිය පුද්ගලයින් ය. එම සංඛ්‍යාව 8805 ක් වේ. අත්අඩංගුවට ගත් පිරිස ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට අදාළ ලිපි ලේඛන සකස් කර භාරදීමෙන් අනතුරුව ඔවුන් මුදා හැරි බව බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය.