ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද සිට ඉහළට

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද සිට ඉහළට

by Staff writer 01-09-2018 | 6:47 AM
COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද සිට ඉහළ දමා තිබේ. මීට සමගාමීව මුද්දර භාවිතයෙන් හැඳුනුම්පත් සකස් කිරීමේ ගාස්තු ගෙවීම ද අහෝසි වනු ඇති. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා රුපියල් 100ක මුදලක් අද සිට අය කරන බව ය. ජාතික හැඳුනුම්පතේ තොරතුරු සංශෝධනය කිරීමට අය කරන ගාස්තුව රුපියල් 250කි. නැති වූ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට රුපියල් 500ක මුදලක් අය කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අදාළ මුදල් ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට ගෙවා රිසිට්පතක් ලබා ගෙන එම රිසිට්පත හැඳුනුම්පත ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය හා අමුණා එවිය යුතු බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ ය.