ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 01-09-2018 | 7:07 AM
COLOMBO (News 1st)  1. මහපොළ අරමුදල් සමාගම් දෙකක් හරහා ආයෝජනය කිරීම නිසා රුපියල් මිලියන 1600ක් අරමුදලට අහිමි වී ඇතැයි ඊයේ අනාවරණය විය. 2. නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩිලන්ත ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. 3. බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 5 වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමයි. 4. පවතින වියළි කාලගුණය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. 5. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ලෝක වෙළෙඳ සංවිධානයෙන් තම රට ඉවත් කරගන්නා බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.